National Youth Day of Sri Lanka

National Youth Day of Sri Lanka

ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ හදගැස්ම වූ යෞවන සමාජ සම්මේලනයේ 38 වන සංවත්සරයට හා තරුණ ජවයෙන් නැවත නැගිටින ශක්තිමත් රටක ජාතික තරුණ දිනයට උණුසුම් සුභ පැතුම්.

23rd May National Youth Day of Sri Lanka

#SathiraLK #lka #SLYouth #Youth #YouthDay

Interview with the Dinamina Newspaper – 30.09.2019

Interview with the Dinamina Newspaper – 30.09.2019

“ලංකාවේ බොහෝ ප්රශ්න වලට විසදුම රටේ තාරුණ්යයේ ආකල්ප සංවර්ධනය කිරීමයි”

ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂක සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධ්යක්ෂක – සතිර සරච්චන්ද්

“මිලියන හතරකට අධික අපේ රටේ තරුණ තරුණියන් ඉතාම බුද්ධිමත්, දක්ෂ, හැකියාවන්ගෙන් පරිපුර්ණ පිරිසක් ලෙස මම දකිනවා. නමුත් ඔවුන්ට සිය දක්ෂතාවන් වර්ධනය කරගැනීමට ලැබෙන අවස්ථාවන් අඩු මට්ටමක පවතිනවා. ඒ වගේම අවස්ථාවන් ලබාගැනීමටත් අපේ තරුණ තරුණියන් මැලිකමක් දක්වනවා. බොහෝ දෙනෙක් තීරණ ගන්න, අවදානමක් ගන්න බයයි, කිසියම් රාමුවකට කොටුවී හෝ තමාගේ මනසේම සිරකරුවෙක් වී පසුගාමී මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් රජයට, දේශපාලකයන්ට, දෙමාපියන්ට වගේ කිසියම් පාර්ශ්වයකට වැරැද්ද පටවමින් සියලු දේ තමන්ට කොහෙන් හෝ නොමිලේ ලැබෙනකම් බලන් ඉන්නවා. මෙය අපේ තරුණ තරුණියන් තුළ පවතින ආකල්පමය ගැටලුවක්” යන්න ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂකවරයෙකු, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) අධ්යක්ෂකවරයෙකු මෙන්ම සමාජ ක්රියාකාරිකයෙක් හා ව්යවසයකයෙක් වන සතිර සරච්චන්ද්ර මහතාගේ අදහස වේ. ඔහුගේ අරමුණ වන්නේ රටේ තරුණ තරුණියන්ගේ ප්රගමනය වෙනුවෙන් විධිමත් සහ තාරුණ්යට ගැලපෙන වැඩපිළිවෙලක් ඇතිකිරීමයි. තරුණ ක්රියාකාරිකයෙක් ලෙස ශ්රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් සිදු කරන කාර්යභාර්ය, තරුණ ව්යවසායකත්වය දිරිමත් කරලීමට දක්වන දායකත්වය, තිරසර සංවර්ධනයට උනන්දුවක් දක්වන අයෙක් ලෙස ඒ පිලිබඳ දක්වන දායකත්වය, ඔහුගේ සංකල්පයක් ලෙස ක්රියාවට නැංවෙන “විසඳුම වැඩසහන”, යනාදී කරුණු කිහිපයක් පිළිබඳව ඒ මහතා සමග සිදු කළ සාකච්ජාවක් මෙසේ ය.

විසදුමට කලින් ඔබ ගැන කෙටි විස්තරයක් අපිට කිව්වොත්.

මම නමින් සතිර සරච්චන්ද්ර, ගම ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම ප්රදේශය, මීරිගම බණ්ඩාරනායක විද්යාලයෙන් ප්රාථමික අධ්යාපනය හදාරල, 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය සමත්වීම සමඟ “කොළඹ රාජකීය විද්යාලය”ට ඇතුලත්ව ද්විතීක අධ්යාපනය ලබනවා. පාසල් අධ්යාපනයෙන් අනතුරුව ජාතික ව්යාපාර කළමනාකරණ ආයතනයේ ව්යාපාර කළමනාකරණය හදාරනවා ඉන්පසු “ව්යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්රවේදී ගෞරව උපාධිය”, එක්සත් රාජධානියේ බර්මින්හැම් සිටි විශ්ව විද්යාලයෙනුත් ඒ වගේම “ව්යාපාර කළමනාකරණය පිලිබඳ විද්යාවේදී උපාධිය”, ඕල්ඩස්ගේට් විශ්ව විද්යාලයෙනුත් ලබාගන්නවා. මීට අමතරව නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්යාලයේ “ජාත්යන්තර ව්යාපාර පිලිබඳ ශාස්ත්රපති උපාධිය” සහ ලන්ඩන් විශ්ව විද්යාලයේ “නීතිවේදී” උපාධියත් හදාරමින් සිටිනවා. 3 වන ශ්රී ලංකා යොවුන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් හා රාජ්ය බැංකු ක්ෂේත්රයේ විධායක නිලධාරියෙක් විදිහට වසර 4 සේවය කර දැන් ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂකවරයෙකු සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) අධ්යක්ෂකවරයෙකු මෙන්ම ව්යවසායකයෙක් සහ සමාජ ක්රියාකාරිකයෙක් ලෙස කටයුතු කරනවා.

තරුණ ක්රියාකාරිකයෙක් විදියට කොහොමද ඔබේ වැඩකටයුතු?

අපි සියලුදෙනාම තරුණ තරුණියන් විදිහට තමන්ගේ රට වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉටු කළ යුතු වෙනවා. මිලියන 4.5 පමණ වූ තරුණ තරුණියන් ප්රමාණයක් අප රට තුළ සිටිනවා. මේ තරුණ පිරිසට නිසියාකාරව මඟපෙන්වීමක් සිදුකර, ඔවුන්ගේ නායකත්ව හැකියා, ආකල්ප සංවර්ධනය, වෘත්තීය කුසලතා දියුණු කිරීම තුලින් මේ තරුණ පරපුර හරහා “අපේ රට” ලෝකයේ ඉදිරියටම ගෙනියන්න අවශ්යයි. ඒ සඳහා තරුණ තරුණියන් බලගැන්වීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපි රාජ්ය ආයතන මට්ටමින් ජාතික තරුණ සේවා සභාව මේ රටේ තාරුණ්ය සඳහා සුවිශේෂී වැඩකොටසක් කරනවා. ඒ වගේම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟින් තරුණ තරුණියන්ට අවශ්ය වෘත්තීය පුහුණුව ලබා දී කුසලතා පරිපූර්ණ තරුණ පිරිසක් බිහි කරන්න කටයුතු කරනවා. ඒ සදහා අවශ්ය ප්රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම තුළින් තාරුණ්ය බලාත්මක කරන්න සහය වෙනවා. ඊට අමතරව සමාජ ක්රියාකාරී වැඩසටහන් මගිනුත් තරුණ තරුණියන් තුළ ගුණාත්මක ආකල්ප හා නායකත්ව ගුණාංග වර්ධනය කර නවීන ලෝකය ජයගත හැකි කුසලතා පරිපූර්ණ පිරිසක් ලෙස ඉදිරියට ගෙන ඒමට සහ ඔවුන්ට අවශ්ය මගපෙන්වීම අප කටයුතු කරනවා.

සමාජ ක්රියාකාරිකයෙක් ලෙස ඔබ උනන්දුව දක්වන ක්ෂේත්ර මොනවාද?

අධ්යාපනය සහ ක්රීඩා, තරුණ ව්යවසායකත්වය හා නවෝත්පාදනය, ජාත්යන්තර සම්බන්ධතා, තිරසාර සංවර්ධනය, සමාජ ගැටළු සහ ජ්රජා සේවා, තරුණ ප්රතිපත්ති සම්පාදනය යන ක්ෂේත්රයන් පිළිබඳව තරුණ සමාජ ක්රියාකාරිකයෙක් ලෙස මම උනන්දුවක් දක්වනවා.

තරුණ ව්යවසායකත්වය දිරිමත් කරලීම සඳහා ඔබේ දායකත්වය කෙබඳුද?

නිදහස ලැබීමෙන් පසු අද වන විට දකුණු ආසියානු කලාපයේ බොහෝ රාජ්යයන් ආර්ථිකමය වශයෙන් අපිව පසුකර ගිහින් තියෙනවා. ලංකාවේ ශ්රම බලකායේ වැදගත් කොටසක් වන තරුණ තරුණියන්ගෙන් බොහෝ පිරිසක් විරැකියාවෙන් බැට කනවා. ඊට දිය හැකි හොඳම විසඳුම තරුණ ව්යවසායකයන් බිහි කිරීම ලෙසයි මා දකින්නේ. එමගින් ඔවුන් හරහා නව රැකියා උත්පාදනය කොට ඔවුන් වගේම ඔවුන් අවට සිටින තරුණ තරුණියන්ද මේ සඳහා දායක කරගනිමින් ඔවුන්ගේ ජිවන තත්වය ඉහල නැංවිය හැකි අතර රටක් වශයෙන් දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයීමටද ඉන් හැකි වෙනවා.

අපි රටක් විදිහට ව්යවසායකයන් දිරිමත් කරනවා වගේම විශේෂයෙන්ම තරුණ ව්යවසායකයන් බිහි කිරීමෙහිලා සුවිශේෂී වැඩකොටසක් කළ යුතු වෙනවා. එහිදී තාරුණ්යය ව්යවසයකත්වයට යොමු කිරීම, ඔවුන්ව ආරක්ෂාකිරීම, මඟපෙන්වීම, මුල්යමය හා අනෙකුත් සහය ලබාදීම කල යුතු වෙනවා. අන්න ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් සැකසීමයි රටට අවශ්ය වෙන්නේ.

ඔබ සමාජ ව්යවසායකයෙක් ලෙස සිදුකල nearby.lk වැඩසටහන පිළිබඳව සඳහන් කලොත්?

2012 වර්ෂයේ තමයි Nearby.lk වෙබ් අඩවිය ආරම්භ කළේ. අද තරම් ව්යාපාර සඳහා අන්තර්ජාල හෝ සමාජ මාධ්ය භාවිතයක් නොතිබූ වකවානුවක, අපේ රටේ විසිරී පැතිරී සිටින අන්තර්ජාල හෝ සමාජ මාධ්ය භාවිතය තම ව්යාපාර ප්රවර්ධනය සඳහා භාවිත කිරීමට හැකියාවක් නොතිබූ ස්වයං රැකියා නියුක්තිකයන්ට සහ සුළු පරිමාණ ව්යාපාරික ප්රජාවට පිටුවහලක් වන විදිහට ඔවුන් පිළිබඳ විස්තර අන්තර්ජාල ගත කිරීම තමයි nearby.lk මගින් සිදු වුනේ. විද්යුත් ව්යාපාරික දත්ත නාමාවලියක් සකසා වෙබ් අඩවියක් මඟින් නොමිලේ ඒ සේවාව ලබා දීමට අප කණ්ඩායම සිදු කළා. ඊට දත්ත ඇතුළත් කිරීමේදී වේවැල්දෙණිය, අම්බලන්ගොඩ, මොරටුව, වැනි ප්රදේශවල කුඩා ව්යාපාරිකයන් අතරටම ගොස් ඔවුන්ගේ විස්තර ලබා ගනිමින් වෙඩ් අඩවියට ඇතුළු කිරීම විශේෂයයක් විදිහට කියන්න පුළුවන්.

ඔබව ජාත්යන්තර ඇගයීමකට පවා පාත්ර වුනා. කුමක්ද ඒ?

2018 වර්ෂයේදී රාජකීය පොදු රාජ්ය මණ්ඩලීය සංගමයේ (Royal Commonwealth Society) සාමාජිකත්වය මා වෙත පිරිනමනවා. ඒ වගේ ම බ්රිතාන්ය 2 වන එලිසබෙත් මහ රැජිනයේ 92 වැනි උපන්දින උත්සවයට සහභාගී වීම සඳහා මා හට සුවිශේෂී ආරාධනයක් හිමි වුණා.

ඔබගේ අන්තර්ජාතික සම්බන්ධතා හා විදෙස් අත්දැකීම් ගැන විස්තර කලොත්?

තරුණ ක්රියාකාරීත්වය පදනම්කරගනිමින් 2016 වර්ෂයේදී තායිවානය විසින් එරට “Tsai Ing – wen” ජනාධිපතිතුමියගේ දිව්රුම්දීමේ උත්සවය සඳහා සහභාගී වීමට මා හට විශේෂ ආරාධනාවක් සිදුකරනවා. එහිදී තායිවාන ජනාධිපතිතුමිය හමුවීමෙන් අනතුරුව එරට උප ජනාධිපතිවරයා “Chen Chien – jen” මහතා සමඟ මෙරට තරුණ වැඩසහන් පිළිබඳව සාකච්ජාවක් පැවැත්වීමට අවස්ථාව උදාවෙනවා. එවකට මම ශ්රී ලංකා යොවුන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් එහිදී ශ්රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව සහ එහි මැතිවරණ ක්රියාවලිය සිදුවන ආකාරය පිලිබඳ සාකච්ජා කරන අතර එරට තුල යොවුන් පාර්ලිමේන්තු සංකල්පය ස්ථාපනය කිරීම කෙරෙහිද ඔහුගේ අවදානය යොමුවෙනවා. එම සංචාරය තුලදී එරට රජය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත 2016 සහ 2017 වර්ෂවලදී මෙරටට බලපෑ දරුණු ගංවතුර ව්යසන අවස්ථා වලදී තායිවානයෙන් ගංවතුර ආධාර සහ වෛද්ය ආධාර මෙරට විපතට පත් ප්රදේශ වල ජනතාව වෙත ලබාදීමටටත් හැකියාව උදා වුනා. එහිදී ද්රව්යමය ආධාරවලට අමතරව වෛද්ය කඳවුරු සහ ඖෂධ නොමිලයේ ලබාදීම අපේ රටේ විපතට පත් ප්රදේශවල ජනතාවට මහත් අස්වැසිල්ලක් බවට පත්වුණා.

ඒ වගේම, එක්සත් රාජධානියේ රජයේ ආරාධනයක් මත රටවල් 30 තරුණ නායකයන් සඳහා “Future Leaders Spring Academy” වැඩසහන සහ එරට කන්සවේටිව් පක්ෂ සම්මේලනය සඳහා සහභාගීවීමටත් මට අවස්ථාව උදාවුණා.

ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ තායිවානයේ මූලිකත්වයෙන් පසුගිය මැයි මස තායිවානයේ තායිපේ නුවර පැවති “ඉන්දු ෆැසිෆික් අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ සංවිධානයේ” සමාරම්භක වැඩසහනේ ශ්රී ලංකාවේ නියෝජිතයා වශයෙන් සහභාගී වන්නටත් ශ්රී ලංකාවේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඊට ගෙන ඇති පියවර පිලිබඳ දේශනයක් සිදුකිරීමටත් මට එහිදී අවස්ථාව ලැබුනා.

මීට අමතරව චීනය, ඉන්දියාව, මැලේසියාව, සිංගපූරුව යන රටවලද තරුණ සමුළු සහ පුහුණු වැඩසහන් සඳහා විශේෂ නියෝජිතයෙකු ලෙස කිහිපවරක් සහභාගී වී තිබෙනවා.

තිරසර සංවර්ධනයට උනන්දුවක් දක්වන අයෙකු ලෙස ඔබගේ දායකත්වය කොහොම ද?

කාර්මික විප්ලවයේ සිට මෑත කාලවකවනුව දක්වා ලෝකය දියුණු වුනේ ගොඩක් ස්වභාවික සම්පත් විනාශ කරගෙන පරිසරයට දරුණු ලෙස හානි කරමින්. නමුත් අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කරගෙන තියෙනවා අපි සංවර්ධනය විය යුත්තේ ස්වභාවධර්මය, ස්වභාවික සම්පත් හා ජෛව පද්ධතීන් ආරක්ෂා කරගෙන කියන දේ. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 2015 වසරෙදි සම්මත කරගත් තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්යන් විසින් 2030 වසර වන විට එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට කල යුතු වැඩකොටස් තියෙනවා. ඒ කාරණයේදී තරුණ තරුණියන් විදියට අපිට ලොකු වැඩකොටසක් පැවරෙනවා කියල මම හිතනවා. ඇත්තටම “තිරසාර සංවර්ධනය” කියන්නේ අලුත් දෙයක් හෝ අමුතු දෙයක් නොවෙයි අපේ මීළඟ පරම්පරාවේ අනාගතය බේරාගැනීමේ මෙහෙයුම. මිහිමත ජීවය ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් පමණක් නෙවෙයි වගකීමක් වෙනවා.

ඒ අරමුණු අපි විසින්ම පනවාගෙන තියෙන්නේ මේ මිහිතලයේ ජීවී පැවැත්ම අරක්ශා කරගැනීමට අපේ ලෝකය, රට පරිසරය වෙනුවෙන් වැඩ කරන්න අපිට කවුරුවත් කියනකන් ඉන්න අවශ්ය නැහැ. අපිට වැඩකරන්න පුළුවන් අපේ ශක්ති ප්රමාණයෙන්. නමුත් අපේ රටේ තාරුණ්යට මේ පිළිබද ලොකු අවබෝධයක් නැහැ. තිරසර සංවර්ධනය පිළිබද ලෝකයේ මුලින්ම අමාත්යංශයක් පිහිටෙව්වේ ලංකාවේ වුනත් ඒ අරමුණු ළගා කරගන්න හෝ ඒ ගැන දැනුවත් කරන්න අපේ රටේ ක්රමවත් වැඩපිළිවෙලක් නෑ.

අන්න ඒ අරමුණත් එක්ක අපි “තිරසර ශ්රී ලංකා” සංවිධානය ආරම්භ කළා. අපේ අරමුණ එමගින් තිරසාර සංවර්ධනයේ වැදගත්කම පිලිබඳ මෙරට තරුණ තරුණියන් අතර ප්රචලිත කරලීමයි ඊට සමගාමීව තිරසාර සංවර්ධනය හා බැඳුනු ව්යාපෘතීන් සිදු කිරීමත් එමගින් සිදුකරනවා. එසේ සිදුකල සුවිශේෂ ව්යාපෘතියක් ලෙස එවකට රාජ්ය නොවන සංවිධානයකින් නොමිලයේ ශ්රී ලංකාව තුළ ලබාදුන් විශාලම සෝලා ව්යාපෘතිය වන කොළඹ රාජකීය විද්යාලය සඳහා 31kw ක ධාරිතාවයකින් යුතු සෝලා විදුලි පද්ධතියක් පෞද්ගලික ආයතනයක අනුග්රහය මත 2017 වර්ෂයේදී ලබාදීම හදුන් වන්න පුලුවන්. පුනර්ජනනීය බලශක්ති සංකල්පය ප්රචලිත කිරීමත් ඒ වගේම පාසල් සිසුන් තුළින් මව්පියන්වෙත මෙහි වැදගත්කම ගෙනයාමත් අපේ අරමුණක් වුනා. ඉන් පසුව එම සමාගමේම අනුග්රහය ඇතිව තවත් පාසල් හා පොදු ස්ථාන කිහිපයකට මෙම වැඩසටහන යටතේ සුර්ය බල විදුලි පද්ධති ලබා දීමටත් පුනර්ජනනීය බලශක්ති භාවිතයේ වැදගත්කම පිළිබද දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමටත් හැකි වුනා.

ඔබ ලංකාවේ රජයේ ආයතනයක ළාබාලතම අධ්යක්ෂවරයා ලෙස තමයි ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂධූරයට පත්වෙන්නේ. ජාතික තරුණ සේවා සභාවෙන් රටේ තාරුණ්යට මොනවද කරන්නේ සහ එහිදී ඔබේ කාර්යභාරය කෙසේද ?

රටේ අනාගතය වන තරුණ තරුණියන් ආරක්ෂා කිරීම හා බලගැන්වීම වෙනුවෙන් වැඩසටහන්/ප්රතිපත්ති සම්පාදනය උදෙසා දායකත්වය ලබා දීම තමයි අධ්යක්ෂ මණ්ඩලය විදිහට අපේ මුලික කාර්යභාරය. ඊට අමතරව තරුණයෙක් විදිහට එම ප්රතිපත්තිමය යෝජනා ක්රියාවට නැන්වීමේ කටයුතු වලටත් එක්වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මේ දිනවල ජාතික තරුණ සේවා සභාව විසින් ක්රියාත්මක කරනවා “අන්තවාදය වැලැක්වීම පිලිබඳ වැඩසහනක්” කාලීන සමාජ පසුබිමත් එක්ක ඉතා හොඳ වැඩසහනක්. එම වැඩසහන සිදුකරන්නේ යෞවන සමාජ තරුණ තරුණියන්. ඔවුන් විසින්ම ඔවුන්ගේ ප්රදේශවල පවතින සමාජ ප්රශ්න සහ විසඳුම් ඔවුන් විසින්ම යෝජනා කරනවා. මොකද ජාති, ආගම් බේද පසෙකලා යෞවන සමාජ හරහා අපි සමඟ එක්වෙන මේ තරුණ පරපුර නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා මෙවන් වැඩසහන් ප්රයෝජනයට ගැනීම ඉතාම වැදගත්.

“යුතුකම – ජාතික තරුණ ස්වේච්ජා සේවය” තුලින් තරුණ තරුණියන්ගේ ස්වෙච්ජා සේවයට විශේෂ වටිනාකමක් වැදගත්කමක් ලබාදෙන්න ජාතික තරුණ සේවා සභාවට හැකියාව ලැබුන. ඒ තුලින් ස්වෙච්ජාවෙන් මේ කටයුතු සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට ඔවුන්ගේ ඉදිරි අධ්යාපන සහ රැකියා අවස්ථා ලබාගැනීමේදී තමන් කල ස්වේච්ජා සේවයට ඇගයීමක් ලබාදීමට හැකියාව ලැබිලා තියෙනවා.

කාලයක් තිස්සේ නැවතිලා තිබුන යොවුන් පුරය වැඩසටහන නැවත පවත්වන්න හැකියාව ලැබුනා සීගිරිය, ත්රිකුණාමලය, නිකවැරටිය හම්බන්තොට යන ප්රදේශවල පසුගිය වසර හතර තුලදී සාර්ථක යොවුන්පුර හතරක් කරන්න. විශාල අත්දැකීම් ප්රමාණයක් එතුලින් තරුණ තරුණියන්ට වගේම මටත් හිමිවුණා. ඒ වගේම Youth with Talent, ගමට කෝටියක්, ජාතික තරුණ ක්රීඩා උළෙල හා නාට්ය උළෙල වගේ වැඩසටහන් තුලින් තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නන්වා ගන්න විශාල සහයක් හිමිවෙනවා. පසුගිය සිව්වසර තුල ජාතික තරුණ සේවා සභාව තුල විශාල වැඩකොටසක් සිදුකරන්න හැකිවෙලා තියෙනවා. ඒ සඳහා තරුණ කටයුතු අමාත්යවරයා ලෙස ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතීඥ එරන්ද වැලිංගේ මැතිතුමාත් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බව කිව යුතුයි.

ඔබ අධ්යක්ෂ තනතුරක් දරණ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) කටයුතු පිළිබඳව පැහැදිලි කලොත්?

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය තුළින් උසස් අධ්යාපන වරම් අහිමි වන අපේ රටේ තරුණ තරුණියන්ට රැකියාවක් කර දෙපයින් නැගීසිටින්න, රටේ ආර්ථිකයට ඔවුන්ගේ සක්රීය දායකත්වය ලැබ ගන්න උපකාරී වන රටේ පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලා ගණනාවක් පවත්වාගෙන යනවා.

ඔබ අපේ රටේ තාරුණ්යය දකින්නේ කෙලෙස ද?

ඇත්තටම මිලියන හතරකට අධික අපේ රටේ තරුණ තරුණියන් ඉතාම බුද්ධිමත්, දක්ෂ, හැකියාවන්ගෙන් පරිපුර්ණ පිරිසක් ලෙස මම දකිනවා. නමුත් ඔවුන්ට සිය දක්ෂතාවන් වර්ධනය කරගැනීමට ලැබෙන අවස්ථාවන් අඩු මට්ටමක පවතිනවා. ඒ වගේම අවස්ථාවන් ලබාගැනීමටත් අපේ තරුණ තරුණියන් මැලිකමක් දක්වනවා. බොහෝ දෙනෙක් තීරණ ගන්න අවදානමක් ගන්න බයයි, කිසියම් රාමුවකට කොටුවී හෝ තමාගේ මනසේම සිරකරුවෙක් වී පසුගාමී මානසිකත්වයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් රජයට, දේශපාලකයන්ට, දෙමාපියන්ට වගේ කිසියම් පාර්ශ්වයකට වැරැද්ද පටවමින් සියලු දේ තමන්ට කොහෙන් හෝ නොමිලේ ලැබෙනකම් බලන් ඉන්නවා. මෙය අපේ තරුණ තරුණියන් තුළ පවතින ආකල්පමය ගැටලුවක් ලෙසයි මම දකින්නේ.

මේ ගැටලුවට කුමක්ද ඔබේ විසදුම?

තරුණ තරුණියෝ සිහින දකින්න ඕනේ එත් ඒවා අරමුණු බවට පත් කරගෙන ඒවාට අවශ්ය සැලසුම් සකස්කරගෙන අරමුණු සාක්ෂාත් කරගන්න දිවා රෑ මහන්සි වෙන්න අවශ්යයි. ජීවිතයේ අපිට ලැබෙන අවස්ථාවන් හා සම්පත් ඉතා සීමිතයි නමුත් අපි තාරුණ්ය විදිහට හැමවෙලේම ඒවා හඹා යා යුතුයි. තමන් ජීවත් වන Comfort Zone වලින් පිටතට ඇවිත් out of the box හිතන්න, දෙයක් නිසි ආකාරයෙන් දකින්න, නිවැරදි තීරණ නිසි වෙලාවට ගන්න, ගණනය කල අවධානමක් ගන්න, අභියෝගවලට මුහුණ දෙන්න, ව්යවසායකත්වය නවෝත්පාදනය වගේ සංකල්ප කරා තාරුණ්ය යොමු කරන්න අවශ්ය ආකල්ප සංවර්ධනය සිදු කල යුතුයි. ආකල්ප සංවර්ධනය තුලින් එවන් හරවත් තාරුණ්යක් බිහිකිරීමට අවශ්ය මගපෙන්වීම සහ උපදෙස් ලබා දීම මගින් රටේත් තාරුණ්යයේත් ප්රගමනයට දායක වීම අරමුණ කරගෙන තමයි මම “විසදුම” වැඩසටහන ආරම්භ කරන්නේ.

සටහන – මදාරා මුදලිගේ
දිනමිණ

Duke of Edinburgh’s International Award Ceremony 2018

Duke of Edinburgh’s International Award Ceremony 2018

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලැබූ “එඩින්බරෝ ආදිපාද සම්මාන ප්‍රදානෝත්සවය – 2018” ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍යතුමා, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සම්මාන ප්‍රදානෝත්සවය සඳහා එක් විය.

Award presentation of the 33rd Tharunasewa – Rupavahini Volleyball Tournament

Award presentation of the 33rd Tharunasewa – Rupavahini Volleyball Tournament

33 වන තරුණ සේවා – රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ (06) ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණා. මෙවර වන තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් (පිරිමි) ශුරතාවය දිනාගනු ලැබුයේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම වන අතර අනුශුරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. 32 වන තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් (කාන්තා) ශුරතාවය දිනා ගැනීමට මෙහිදී නාවික හමුදා වොලිබෝල් කණ්ඩායම සමත් වුණා.

මෙහිදී දිවයිනේ යෞවන සමාජවල තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් සංවිධානය කළ 33 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා ශූරතා තරඟ මාලාවේ අවසන් තරඟයේ (පිරිමි ශූරතාවය) දිනා ගැනීමට කෑගල්ල රන්තරු යෞවන සමාජයේ වොලිබෝල් කණ්ඩායම සමත්වුනු අතර එහි (කාන්තා) ශූරතාවය දිනා ගැනීමට පුත්තලම රතනපාල යෞවන සමාජයේ වොලිබෝල් කණ්ඩායම සමත් වුණා.

3rd Day of the 40th National Youth Drama Festival as the Chief Guest

3rd Day of the 40th National Youth Drama Festival as the Chief Guest

යොවුන් නාට්‍යවේදීන්ගේ දක්ෂතාවයන් උදෙසා නිසි ඇගයීමක් ලබාදීම අරමුණු කරගනිමින් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික යොවුන් නාට්‍ය උළෙලේ 40 වැනි අදියර මේ දිනවල ටවර් රඟහලේ වේදිකාගත වේ. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති එම වැඩසහනෙහි තුන්වන දිනය වූ ඊයේ (31) දින නාට්‍ය ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී විය.

Youth with Talent – Gamata Kotiyak

Youth with Talent – Gamata Kotiyak

“ගමට කෝටියක්” වැඩසටහන හරහා ජාතික තරුණ සේවා සභාව ලබාදුන් රු. 300,000 මුදලට තම උත්සාහය, කැපවීම, දහඩිය මහන්සිය එක් කර දුෂ්කර ගම්මාන 4 ක ගම්වාසීන්ට කලක සිට තිබු ගැටළුවක් නිරාකරණය කරමින් රු. මිලියන 5 කට ආසන්න වටිනාකමකින් යුත් බෝගහමුල අමුණ පිටවාන හරහා පාලමක් ඉදිකර “Youth with Talent ගමට කෝටියක්” වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනා පොල්පිතිගම අමුණුකොල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටියක මුදලක් දිනාගත් “ප්‍රභාශ්වර යෞවන සමාජයේ දිරිය යෞවන යෞවනියන්ට සහ නිලධාරීන්ට සුභ පැතුම් එක් කරමින්.