33 වන තරුණ සේවා – රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ (06) ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්වුණා. මෙවර වන තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් (පිරිමි) ශුරතාවය දිනාගනු ලැබුයේ ශ්රී ලංකා යුධ හමුදා කණ්ඩායම වන අතර අනුශුරතාවය ශ්රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. 32 වන තරුණ සේවා රූපවාහිනී අභියෝගතා කුසලාන Super League වොලිබෝල් (කාන්තා) ශුරතාවය දිනා ගැනීමට මෙහිදී නාවික හමුදා වොලිබෝල් කණ්ඩායම සමත් වුණා.
මෙහිදී දිවයිනේ යෞවන සමාජවල තරුණ තරුණියන්ගේ ක්රීඩා හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් සංවිධානය කළ 33 වැනි තරුණ සේවා රූපවාහිනී අභියෝගතා ශූරතා තරඟ මාලාවේ අවසන් තරඟයේ (පිරිමි ශූරතාවය) දිනා ගැනීමට කෑගල්ල රන්තරු යෞවන සමාජයේ වොලිබෝල් කණ්ඩායම සමත්වුනු අතර එහි (කාන්තා) ශූරතාවය දිනා ගැනීමට පුත්තලම රතනපාල යෞවන සමාජයේ වොලිබෝල් කණ්ඩායම සමත් වුණා.
Recent Comments